අර්ඩුයිනෝ ඉගන ගන්න පටන්ගමු.

● මුලින්ම අපි අර්ඩුයිනෝ වල අරම්භය ගැන මදක් විමසා බලමු.

● අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි.

● අර්ඩුයිනෝ වල හදවත වන්නේ මයික්‍රොකොන්ට්‍රොලර් එකක් සහිත බොර්ඩ් එකකි.

අර්ඩුයිනෝ කියන්නේ කුමක්ද?

මුලින්ම අපි අර්ඩුයිනෝ වල අරම්භය ගැන මදක් විමසා බලමු. අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි. මෙහිදී මෙය නිර්මණය කළ මැසිමෝ බන්සි, සහ ඩේවිඩ් මෙලිස් වන මොවුන්ගේ ප්‍රධාන අරමුණ වුයේ ඉලෙක්ට්‍රොනික් හෝ ප්‍රොග්‍රමින් පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පර්යේෂණ කිරීමට හැකි පහසු වේදිකාවක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත්. අර්ඩුයිනෝ වල හදවත වන්නේ මයික්‍රොකොන්ට්‍රොලර් එකක් සහිත බොර්ඩ් එකකි. වර්තමානයේ දැන් අර්ඩුයිනෝ බෝර්ඩ් වර්ග 15 කට වඩා තිබෙන අතර මේවා විවිධ අවස්ථා වල එම අවස්ථාවට ගැලපෙන බෝර්ඩ් එක භාවිතයට ගැනිමේ හැකියාව තිබේ. මෙවා පිලිබදව ඔබට arduino.cc වෙබ් අඩවියෙන් වැඩි විස්තර දැනගන්න පුලුවන්.

අර්ඩුයිනෝ වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම බොර්ඩ් එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. එම නිසා මෙම තාක්ෂණය අපිට රිසි සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් අර්ඩුයිනෝ බොර්ඩ් වල ක්ලෝන (Clones) නොතොත් අර්ඩුයිනෝ බොර්ඩ් හා සාමාන ආකරයේ බොර්ඩ් සාදා විකුණනු ලබයි.. ඔරිගිනල් අර්ඩුයිනෝ බොර්ඩ් එකක් හා සංසන්ඳනය කිරීෙම්දී මේ ක්ලෝන ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබේ. අපි රටේ මෙම තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට එයත් එක් හේතුවක් විය.

අර්ඩුයිනෝ වලින් ප්‍රයෝජනයක් ගන්න මේ බොර්ඩ් එක විතරක් ප්‍රමාණවත් නොවේ. මේ බොර්ඩ් වලට වවිධ වූ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙන අතර එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.

දැන් ඔබ කල්පනා කරනවා ඇති අර්ඩුයිනෝ හා ප්‍රොග්‍රමින් සම්බන්ධ වන්නේ කොහොමද කියන දේ පිලිබදව, ඒක තමයි Arduino හි සුවිශේෂීත්වය, ඒ අපිට මේ බොර්ඩ් සඳහා ප්‍රොග්‍රම් එකක් ඇළුලත් කර ගැනීමේ හැකියාවයි. මේ සඳහා අපි යොදා ගන්නේ “The Arduino Software” නැමැති IDE (Integrated Development Environment) එකයි. ඒවගේම මේ බොර්ඩ් වල හැකියාවන් තව දුරටත් වර්ධනය කර ගැනීමට අපිට අර්ඩුයිනෝ සහ ඒ හා නිශ්පාදන බිහිකරන සමාගම් විසින්ම විවිධ වූ එක්ස්පෙන්ශන් බොර්ඩ් හඳුන්වා දී තිබෙනවා. ඔවුන් ඒවා හඳුන් වන්නේ ශිල්ඩ්(Shields) කියායි. මේ ශිල්ඩ් වල සුවිශේෂීත්වය තමයි ප්‍රධාන බොර්ඩ් එක මත මේ ශිල්ඩ් ඉතා පහසුවෙන් සවිකර භාවිතයට ගැනීමේ හැකියාවයි.

-අයිතිය මුල් හිමිකරු සතුය. –

Similar Posts

  • Arduino Uno R3 Board ගැන දැනගනිමු.

    ●ආර්ඩුයිනෝ පුවරු වලින් වඩාත් ජනප්‍රිය එකක් වන ආර්ඩුයිනෝ UNO බොර්ඩ් එකයි. එය ඔබේ පළමු ආර්ඩුයිනෝ ඉගන ගැනිමේ වැඩ සදහා නම් හොඳ ආරම්භක ස්ථානයකි. ● Arduino UNO විසින් කාල සීමාව තුළ සංශෝධන කිහිපයකට භාජනය වී ඇති අතර නවතම මණ්ඩලය වන්නේ ආර්ඩුයිනෝ UNO ය. ● සංශෝධන අතර සැලකිය යුතු වෙනස්කම් ඔබට සොයාගත නොහැක. වඩාත්ම වැදගත් වෙනස වන්නේ…

  • අර්ඩුයිනෝ බොර්ඩ් ගැන දැනගනිමු.

    ● අර්ඩුයිනෝ බොර්ඩ් එකක් යනු ඉලෙක්ට්‍රොනික් පරිපථයක්. ඒ තුළ මයික්‍රෝකොන්ට්‍රොලයක් අඩංගු වෙනවා. ඒ වගේම අපිට එයට පරිගණකයයේ මෙන් ආදාන(Input) ලබා දෙන්නත් ප්‍රතිදාන(Output) ලබාගන්න හැකියාව පවති. අර්ඩුයිනෝ බොර්ඩ් එකක් සමග සංවේදක(Sensor) භාවිතා කර අපිට LED කන්ට්‍රොල් කිරීම. මෝටර් කන්ට්‍රොල් කිරීම. නිවාස ස්වයංක්‍රීයකරණය, IOT ව්‍යාපෘති, රොබෝ ව්‍යාපෘති වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තිබේ. අපි නිර්මාණය කරන්න අවශ්‍ය…

  • මො/දොඹගහවෙල ජාතික පාසලේ පැවැත් වූ Robotic Workshop එක

    Mechatronix Institute for Robotic Engineering සහ IICT පරිගණක පාසල මගින් මොනරාගල දොඹගහවෙල ජාතික පාසලේ පැවැත් වූ Robotic Workshop එක පිලිබද සටහනක්… 2024 ඔක්තෝබර් 21 වන දින සිට දින 2 ක්, Mechatronix Institute for Robotic Engineering සහ IICT පරිගණක පාසල එක්ව මොනරාගල දොඹගහවෙල ජාතික පාසලේ සාර්ථක Robotic Workshop එකක් සිදු කලෙමු. මෙය පාසලේ සිසුන්ට තාක්ෂණයේ අනාගතය…

  • A Successful Two-Day Arduino Programming Workshop at Badulla Central College

    I am delighted to share the news of the successful completion of a transformative two-day Arduino programming workshop at Badulla Central College, hosted in collaboration with Vinindu Dayananda Sir and generously supported by Codexila Software Solution Company. This initiative aimed to empower students, fostering innovation and problem-solving skills while introducing them to the exciting realm…

  • ESP32 Development Boards Review

    ■ මේ ESP32 කියන්නෙ arduino වගේම micro control එකක් නැත්නම් චිප් එකකින් සමන්විත ඊට වඩා සංකීර්ණ පුවරුවක්. මෙහි තියන විශේෂත්වය තමා wifi bluetooth රැහැන් රහිත තාක්ෂණය භාවිතා වීම.එමෙන්ම මෙහි සකසනය dual core එකකි.ඔබට ESP32 ස්වාධීන චිපයක් ලෙස හෝ සම්පූර්ණ විශේෂාංග සහිත developer bord ලෙස සොයාගත හැකිය. ESP32 සංවර්ධන පුවරු බොහොමයක් තිබේ. ■ ESP32 Features and…