අර්ඩුයිනෝ බොර්ඩ් ගැන දැනගනිමු.

● අර්ඩුයිනෝ බොර්ඩ් එකක් යනු ඉලෙක්ට්‍රොනික් පරිපථයක්. ඒ තුළ මයික්‍රෝකොන්ට්‍රොලයක් අඩංගු වෙනවා. ඒ වගේම අපිට එයට පරිගණකයයේ මෙන් ආදාන(Input) ලබා දෙන්නත් ප්‍රතිදාන(Output) ලබාගන්න හැකියාව පවති. අර්ඩුයිනෝ බොර්ඩ් එකක් සමග සංවේදක(Sensor) භාවිතා කර අපිට LED කන්ට්‍රොල් කිරීම. මෝටර් කන්ට්‍රොල් කිරීම. නිවාස ස්වයංක්‍රීයකරණය, IOT ව්‍යාපෘති, රොබෝ ව්‍යාපෘති වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තිබේ. අපි නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රොග්‍රම් මගින් අර්ඩුයිනෝ බොර්ඩ් හැසිරවිම කරන්න පුළුවන්.

● වෙබ් අඩවියට පිවිසුනතොත් දැනට, අර්ඩුයිනෝ බොර්ඩ් වර්ග ගොඩක් දැකගන්න පුළුවන්. (දෘඩාංගවල වෙනස්කම් නිසා ඇතැම් පුවරු සම්පූර්ණයෙන්ම අනුකූල නොවේ) දැනට ජනප්‍රියම බොර්ඩ් වර්ග ටික පහත දක්වා තිබේ.

ARDUINO UNO

● මෙය ATmega328 චිපය මත පදනම් වූ 8-bit මයික්‍රොකොන්ට්රෝලර් පුවරුවකි. එහි ඩිජිටල් ආදාන / ප්‍රතිදාන පින් 14 ක් ඇත. පුවරුවේ යළි පිහිටුවීමේ බොත්තමක්! ක්ෂුද්‍ර පාලකයට සහාය වීමට අවශ්‍ය සියල්ල එහි අඩංගු වේ; ආරම්භ කිරීම සඳහා ඔබ කළ යුත්තේ එය USB කේබලයක් සහිත පරිගණකයකට සම්බන්ධ කිරීම හෝ පවර් ජැක් සමග බැටරියක් සම්බන්ධ කිරිම පමණි.

ARDUINO MICRO

● යම් කුඩා ව්‍යාපෘතියක් කරන්නේ නම් ඒ සදහා මෙම බොර්ඩ් එක වඩාත් ගැලපේ.මිලෙන් තරමක් වැඩිය. මෙය ප්‍රමාණයෙන් කුඩා නිසා ඔබට එය පහසුවෙන් ඔබගේ ව්‍යාපෘතිය ඇතුළත් කළ හැකිය.

ARDUINO NANO

● මෙයත් ප්‍රමාණයෙන් කුඩා බොර්ඩ් එකකි. මිලෙන් අඩුය. භවිතයට පහසුය. අර්ඩුයිනෝ උනෝ හි ඇති පින් හා බොහෝසෙයින් සාමානය. මෙයත් පහසුවෙන් ඔබගේ ව්‍යාපෘති වලට යොදා ගත හැකිය.

ARDUINO MEGA

● මෙහි පින් ගොඩක් පවති. එම නිසා ආදාන ප්‍රතිදාන ගොඩාක් සමග වැඩ කිරිමේ හැකියව ලැබේ. එවැනි ව්‍යාපෘති සදහා මනාව ගැලපේ. ඒ වගේම දත්ත ගබඩා කිරිමේ හැකියවද මෙහි තරමක් වැඩිය.

ARDUINO DUE

● අර්ඩුයිනෝ මෙගා බොර්ඩ් එකට බොහෝ සෙයින් සාමන වනත් මෙහි වේගය, ගබඩා ධාරිතාව, මතක ශක්තිය ඉහත බොර්ඩ් සියල්ලටම වඩා වැඩිය. මෙය 3.3v වලින් වැඩ කරයි. ….. ………………

බහුලව භාවිතා කරන්නෙ uno bord එක. දැන් අපි එකින් එක කොටස් වලින් මොනවද වෙන්නේ කියලා හොයලා බලමු.

● මොඩියුල, විවිධ සංරචක සහ සංවේදක භාවිතා කර සිග්නල් ආදාන කිරීමට Digital I/O ports භාවිතා කරයි. ඒවා D0 ඉදලා D13 දක්වා නම් කර තිබෙනවා දැක ගත හැකියි.

● පරිගණකය හා සම්බන්ධ කර කේත අප්ලොඩ් කිරීමට හා බොර්ඩ් එකට විදුලි බලය ලබා දීමට USB interface එක භාවිතා කරයි.

● LED L එක ඩිගිටල් I/O පින් 13 සමග සම්බන්ධ වේ (D13).

● LED TX, RX මගින් සිරියල් ආකරයට දත්ත හුවමාරු කරන අවස්ථාවන් පෙන්නුම් කිරිම දැක්වේ.

● පිටතින් බොර්ඩ් එකට විදුලි බලය ලබා දීමට DC interface එක භාවිතා වේ.

● ඉලෙක්ට්‍රොනික සංරචක සහ මොඩියුල වලට විදුලි බලය ලබාදීමට Power ports එක භාවිතා වේ.

● ඇනලොග් සිග්නල් ගණනය කරීම් හා ලබා දිමට එනම් ආදානය කිරිමට Analog I/O ports භාවිතා වේ.

● LED ON එක මගින් බොර්ඩ් එකට විදුලි බලය ලැබී තිබේදැයි දැක්වේ. » මිට අමතරව ඔබගේ ව්‍යාපෘති වලට ඔබගේ අවශ්‍යතාව අනුව අර්ඩුයිනෝ MICRO, අර්ඩුයිනෝ NANO, අර්ඩුයිනෝ MEGA, අර්ඩුයිනෝ DUE, බොර්ඩ් යොදා ගැනිමේ හැකියාව තිබේ.

Arduino UNO R3 Specification

● Microcontroller: ATmega328P

● Operating Voltage: 5V

● input Voltage (recommended): 7-12V

● Input Voltage (limit): 6-20V

● Digital I/O Pins: 14 (of which 6 provide PWM output)

● PWM Digital I/O Pins: 6

● Analog Input Pins: 6

● DC Current per I/O Pin: 20 mA

● DC current for 3.3V Pin: 50 mA

● Flash Memory: 32 KB (ATmega328P) of which 0.5 KB used by bootloader

● SRAM: 2 KB (ATmega328P)

● EEPROM: 1 KB (ATmega328P)

● Clock Speed: 16 MHz

● LED_BUILTIN: 13

● Length: 68.6 mm

● Width: 58.4 mm

● Weight: 25 g

Leave a Reply

Your email address will not be published. Required fields are marked *