මො/දොඹගහවෙල ජාතික පාසලේ පැවැත් වූ Robotic Workshop එක

Mechatronix Institute for Robotic Engineering සහ IICT පරිගණක පාසල මගින් මොනරාගල දොඹගහවෙල ජාතික පාසලේ පැවැත් වූ Robotic Workshop එක පිලිබද සටහනක්…

2024 ඔක්තෝබර් 21 වන දින සිට දින 2 ක්, Mechatronix Institute for Robotic Engineering සහ IICT පරිගණක පාසල එක්ව මොනරාගල දොඹගහවෙල ජාතික පාසලේ සාර්ථක Robotic Workshop එකක් සිදු කලෙමු. මෙය පාසලේ සිසුන්ට තාක්ෂණයේ අනාගතය හඳුන්වා දීමටත්, Robotics සහ STEM (Science, Technology, Engineering, and Mathematics) භාවිතයන් පිළිබඳ දැනුම ලබා දීමටත් අරමුණු කරගත් වැඩසටහනක් විය.

මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ, පාසල් සිසුන්ට Robotics පිළිබඳ මූලික දැනුම සහ ප‍්‍රායෝගික අත්දැකීම් ලබා දීමයි. එහිදී සිසුන්ට විද්‍යුත් පද්ධති, සෙන්සර්, මෝටර් පාලන ක්‍රම සහ Microcontrollers (Arduino) භාවිතයෙන් ක්‍රියා කරන ව්‍යාප්ත පද්ධති ගැන හැදෑරීමට අවස්ථාව ලැබුණි.

දින දෙක පුරාවට පැවැත් වූ ප‍්‍රායෝගික සැසියන් හරහා, සිසුන්ට ඉගැන්වූ කරුණු මෙසේ විය:

  • Robotics මූලික ආකෘති හා ඉදිරි සංවර්ධන
  • Arduino Board එකක් Programming කිරීම
  • බ්ලූටූත් Robot නිර්මාණය

මෙම වැඩමුළුවේදී සිසුන්ට කණ්ඩායම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද අවස්ථාව ලැබුණි. කණ්ඩායම් ලෙස බෙදී, සිසුන් ස්වයංක්‍රීය පද්ධති සහ ඉලෙක්ට්‍රොනික ආකෘති නිර්මාණය කිරීමේ පළපුරුද්ද ලබා ගත්හ. IICT පරිගණක පාසල සහ Mechatronix Institute වෙතින් පැමිණි ආචාර්යවරු සහ මූලික කාර්ය මණ්ඩලය මේ ක්‍රියාවලියට මග පෙන්වීමේදී විශිෂ්ට දායකත්වයක් ලබා දුන්හ.

මෙම වැඩසටහනෙහි අවසානයේදී සිසුන්ට ස්වයං අධ්‍යාපන නිබන්ධනයක් ලබා දුන් අතර දොඹගහවෙල ජාතික පාසලේ ගුරුවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් වැඩසටහන සම්බන්ධයෙන් උණුසුම් ප්‍රශංසා පළ කළහ.

IICT සහ Mechatronix එක්ව මෙවැනි වැඩමුළු සංවිධානය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල Robotics පිළිබඳ සිසුන්ගේ උනන්දුව ඉහළ නැංවීමට විශාල දායකත්වයක් සැපයේ.

Similar Posts

  • A Successful Two-Day Arduino Programming Workshop at Badulla Central College

    I am delighted to share the news of the successful completion of a transformative two-day Arduino programming workshop at Badulla Central College, hosted in collaboration with Vinindu Dayananda Sir and generously supported by Codexila Software Solution Company. This initiative aimed to empower students, fostering innovation and problem-solving skills while introducing them to the exciting realm…

  • අර්ඩුයිනෝ ඉගන ගන්න පටන්ගමු.

    ● මුලින්ම අපි අර්ඩුයිනෝ වල අරම්භය ගැන මදක් විමසා බලමු. ● අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි. ● අර්ඩුයිනෝ වල හදවත වන්නේ මයික්‍රොකොන්ට්‍රොලර් එකක් සහිත බොර්ඩ් එකකි. අර්ඩුයිනෝ කියන්නේ කුමක්ද? මුලින්ම අපි අර්ඩුයිනෝ වල අරම්භය ගැන මදක් විමසා බලමු. අර්ඩුයිනෝ උපත ලබන්නේ 2005 දී ඉතාලියේ “Ivrea Interaction Design Institute” හිදීයි….

  • අර්ඩුයිනෝ බොර්ඩ් ගැන දැනගනිමු.

    ● අර්ඩුයිනෝ බොර්ඩ් එකක් යනු ඉලෙක්ට්‍රොනික් පරිපථයක්. ඒ තුළ මයික්‍රෝකොන්ට්‍රොලයක් අඩංගු වෙනවා. ඒ වගේම අපිට එයට පරිගණකයයේ මෙන් ආදාන(Input) ලබා දෙන්නත් ප්‍රතිදාන(Output) ලබාගන්න හැකියාව පවති. අර්ඩුයිනෝ බොර්ඩ් එකක් සමග සංවේදක(Sensor) භාවිතා කර අපිට LED කන්ට්‍රොල් කිරීම. මෝටර් කන්ට්‍රොල් කිරීම. නිවාස ස්වයංක්‍රීයකරණය, IOT ව්‍යාපෘති, රොබෝ ව්‍යාපෘති වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තිබේ. අපි නිර්මාණය කරන්න අවශ්‍ය…

  • Arduino Uno R3 Board ගැන දැනගනිමු.

    ●ආර්ඩුයිනෝ පුවරු වලින් වඩාත් ජනප්‍රිය එකක් වන ආර්ඩුයිනෝ UNO බොර්ඩ් එකයි. එය ඔබේ පළමු ආර්ඩුයිනෝ ඉගන ගැනිමේ වැඩ සදහා නම් හොඳ ආරම්භක ස්ථානයකි. ● Arduino UNO විසින් කාල සීමාව තුළ සංශෝධන කිහිපයකට භාජනය වී ඇති අතර නවතම මණ්ඩලය වන්නේ ආර්ඩුයිනෝ UNO ය. ● සංශෝධන අතර සැලකිය යුතු වෙනස්කම් ඔබට සොයාගත නොහැක. වඩාත්ම වැදගත් වෙනස වන්නේ…