Information For:
Mechatronix Institute for Robotic Engineering සහ IICT පරිගණක පාසල මගින් මොනරාගල දොඹගහවෙල ජාතික පාසලේ පැවැත් වූ Robotic Workshop එක පිලිබද සටහනක්…
2024 ඔක්තෝබර් 21 වන දින සිට දින 2 ක්, Mechatronix Institute for Robotic Engineering සහ IICT පරිගණක පාසල එක්ව මොනරාගල දොඹගහවෙල ජාතික පාසලේ සාර්ථක Robotic Workshop එකක් සිදු කලෙමු. මෙය පාසලේ සිසුන්ට තාක්ෂණයේ අනාගතය හඳුන්වා දීමටත්, Robotics සහ STEM (Science, Technology, Engineering, and Mathematics) භාවිතයන් පිළිබඳ දැනුම ලබා දීමටත් අරමුණු කරගත් වැඩසටහනක් විය.
මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ, පාසල් සිසුන්ට Robotics පිළිබඳ මූලික දැනුම සහ ප‍්‍රායෝගික අත්දැකීම් ලබා දීමයි. එහිදී සිසුන්ට විද්‍යුත් පද්ධති, සෙන්සර්, මෝටර් පාලන ක්‍රම සහ Microcontrollers (Arduino) භාවිතයෙන් ක්‍රියා කරන ව්‍යාප්ත පද්ධති ගැන හැදෑරීමට අවස්ථාව ලැබුණි.
දින දෙක පුරාවට පැවැත් වූ ප‍්‍රායෝගික සැසියන් හරහා, සිසුන්ට ඉගැන්වූ කරුණු මෙසේ විය:
- Robotics මූලික ආකෘති හා ඉදිරි සංවර්ධනය
- Arduino Board එකක් Programming කිරීම
- බ්ලූටූත් Robot නිර්මාණය
මෙම වැඩමුළුවේදී සිසුන්ට කණ්ඩායම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද අවස්ථාව ලැබුණි. කණ්ඩායම් ලෙස බෙදී, සිසුන් ස්වයංක්‍රීය පද්ධති සහ ඉලෙක්ට්‍රොනික ආකෘති නිර්මාණය කිරීමේ පළපුරුද්ද ලබා ගත්හ. IICT පරිගණක පාසල සහ Mechatronix Institute වෙතින් පැමිණි ආචාර්යවරු සහ මූලික කාර්ය මණ්ඩලය මේ ක්‍රියාවලියට මග පෙන්වීමේදී විශිෂ්ට දායකත්වයක් ලබා දුන්හ.
මෙම වැඩසටහනෙහි අවසානයේදී සිසුන්ට ස්වයං අධ්‍යාපන නිබන්ධනයක් ලබා දුන් අතර දොඹගහවෙල ජාතික පාසලේ ගුරුවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් වැඩසටහන සම්බන්ධයෙන් උණුසුම් ප්‍රශංසා පළ කළහ.
IICT සහ Mechatronix එක්ව මෙවැනි වැඩමුළු සංවිධානය කිරීම මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල Robotics පිළිබඳ සිසුන්ගේ උනන්දුව ඉහළ නැංවීමට විශාල දායකත්වයක් සැපයේ.



























